අරමුණු

මෙම ක්‍රියාකාරකම අවසන් වන විට ඔබට,

✓ ජාල කේබල් සකස් කිරීමට අවශ්‍ය මෙවලම් හා ද්‍රව්‍ය හඳුනාගත හැකි විය යුතුය.

✓ UTP කේබලයක් නිවැරදිව සූදානම් කළ හැකි විය යුතුය.

✓ T568A සහ T568B වර්ණ සම්මතයන් අනුව වයර් පිළිවෙළ සකස් කළ හැකි විය යුතුය.

✓ RJ45 සම්බන්ධකයක් නිවැරදිව ක්‍රිම්ප් (Crimp) කළ හැකි විය යුතුය.

✓ සකස් කළ කේබලය පරීක්ෂා කර දෝෂ හඳුනාගත හැකි විය යුතුය.


අවශ්‍ය ද්‍රව්‍ය හා මෙවලම්

ද්‍රව්‍ය

  1. UTP කේබලයක් (Cat5e / Cat6)
  2. RJ45 සම්බන්ධක 2 ක්

මෙවලම්

  1. Crimping Tool
  2. Wire Cutter
  3. Cable Stripper
  4. Network Cable Tester

ආරක්ෂක උපදෙස්

✓ Crimping Tool භාවිතයේදී ප්‍රවේශම් වන්න.

✓ කැඩුණු හෝ හානි වූ RJ45 සම්බන්ධක භාවිතා නොකරන්න.

✓ කේබලය අධික ලෙස නැමීමෙන් වළකින්න.

✓ අත් වියළිව තිබෙන බව තහවුරු කරගන්න.

✓ වැඩබිම පිරිසිදුව හා පිළිවෙලට තබාගන්න.


T568A හා T568B වර්ණ සම්මත

T568A

Pin        වර්ණය
1            සුදු/කොළ
2            කොළ
3            සුදු/තැඹිලි
4            නිල්
5            සුදු/නිල්
6            තැඹිලි
7            සුදු/දුඹුරු
8            දුඹුරු

T568B (බහුලව භාවිතා වන සම්මතය)

Pin        වර්ණය
1            සුදු/තැඹිලි
2            තැඹිලි
3            සුදු/කොළ
4            නිල්
5            සුදු/නිල්
6            කොළ
7            සුදු/දුඹුරු
8            දුඹුරු

ක්‍රියා පටිපාටිය

පියවර 1 - කේබලය මැන කපාගන්න

  1. අවශ්‍ය කේබල් දිග තීරණය කරන්න.
  2. අමතරව සෙන්ටිමීටර් 10 ක් පමණ තබාගන්න.
  3. Cable Cutter භාවිතයෙන් කේබලය කපාගන්න.

පරීක්ෂා කරන්න

☐ කේබලයේ දිග නිවැරදිද?

☐ කැපුම සෘජුව තිබේද?


පියවර 2 - පිටත ආවරණය ඉවත් කරන්න

  1. කේබලය Stripper හෝ Crimping Tool හි Stripping කොටසට දමන්න.
  2. මෘදු ලෙස වට කරකවන්න.
  3. මි.මී. 25 ක් (අඟලක් පමණ) පමණ පිටත ආවරණය ඉවත් කරන්න.

වැදගත්

⚠ ඇතුළත වයර්වල ආවරණය කැපී නොයන ලෙස සැලකිලිමත් වන්න.

පරීක්ෂා කරන්න

☐ වයර් 8 ම සම්පූර්ණද?

☐ හානි වී නොමැතිද?


පියවර 3 - වයර් යුගල වෙන් කරන්න

UTP කේබලයේ වර්ණ යුගල 4 ක් ඇත.

  • තැඹිලි යුගලය
  • කොළ යුගලය
  • නිල් යුගලය
  • දුඹුරු යුගලය
  1. අවශ්‍ය ප්‍රමාණයට පමණක් යුගල ලිහාගන්න.
  2. වයර් සෘජු කරන්න.

වැදගත්

⚠ අධික ලෙස යුගල ලිහාගැනීම කේබලයේ කාර්යසාධනය අඩු කරයි.


පියවර 4 - වයර් නිවැරදි අනුපිළිවෙළට සකස් කරන්න

මෙම පුහුණුව සඳහා T568B සම්මතය භාවිතා කරන්න.

වම් සිට දකුණට වර්ණ අනුපිළිවෙළ:

Pin        වර්ණය
1            සුදු/තැඹිලි
2            තැඹිලි
3            සුදු/කොළ
4            නිල්
5            සුදු/නිල්
6            කොළ
7            සුදු/දුඹුරු
8            දුඹුරු

පහත පරිදි ක්‍රියා කරන්න

  1. වයර් ඇඟිලි අතර රඳවා ගන්න.
  2. wire සෘජු කරන්න. (එතුනු ස්වභාවය නැති කර ගන්න)
  3. නිවැරදි අනුපිළිවෙළට තබන්න.
  4. වර්ණ අනුපිළිවෙළ නැවත පරීක්ෂා කරන්න.

පරීක්ෂා කරන්න

☐ වර්ණ අනුපිළිවෙළ නිවැරදිද?

☐ වයර් සෘජුව තිබේද?

☐ වයර් මාරු වී නොමැතිද? 😂


පියවර 5 - වයර් කපා සමාන කරන්න

  1. වයර් තදින් අල්ලා ගන්න.
  2. සියලුම වයර් එකම දිගට කපාගන්න.
  3. මි.මී. 12 - 13 ක් පමණ ඉතිරි කරන්න.

වැදගත්

⚠ සියලුම වයර් එකම දිගට තිබිය යුතුය.

පරීක්ෂා කරන්න

☐ සියලු වයර් සමාන දිගින් තිබේද?


පියවර 6 - RJ45 සම්බන්ධකයට වයර් ඇතුල් කරන්න

  1. RJ45 සම්බන්ධකය අල්ලාගන්න.
    • ක්ලිප් කොටස පහළට
    • රන් පාට Pin ඉහළට
  2. වයර් ඇතුල් කරන්න.
  3. සම්පූර්ණයෙන්ම තල්ලු කරන්න.

පහත දේ තහවුරු කරන්න

☐ වයර් 8 ම ඉදිරිපසට ළඟා වී තිබේද?

☐ වර්ණ අනුපිළිවෙළ වෙනස් වී නැද්ද?

☐ කේබලයේ පිටත ආවරණය RJ45 තුළට ඇතුල් වී තිබේද?


පියවර 7 - Crimp කිරීම

  1. RJ45 සම්බන්ධකය Crimping Tool එකට දමන්න.
  2. Handle එක සම්පූර්ණයෙන්ම තද කරන්න.
  3. ඉවත් කර පරීක්ෂා කරන්න.

Crimp කිරීමේදී සිදුවන දේ

  • RJ45 Pin මඟින් වයර් ආවරණය සිදුරු කරයි.
  • විද්‍යුත් සම්බන්ධතාවය ඇති කරයි.
  • Strain Relief මඟින් කේබලය අල්ලා තබයි.

පරීක්ෂා කරන්න

☐ RJ45 සම්බන්ධකය තදින් සවි වී තිබේද?

☐ වයර් ලිහිල් නොවී තිබේද?


පියවර 8 - අනෙක් කෙළවර සකස් කරන්න

Straight Through Cable

කෙළවර දෙකම T568B භාවිතා කරන්න.

භාවිතය:

  • Computer → Switch
  • Computer → Router
  • Printer → Switch

Crossover Cable

එක් කෙළවරක්        අනෙක් කෙළවර
T568A        T568B

භාවිතය:

  • පැරණි Computer-to-Computer සම්බන්ධතා සඳහා

පියවර 9 - Cable Tester මඟින් පරීක්ෂා කරන්න

  1. එක් කෙළවර Main Unit එකට සම්බන්ධ කරන්න.
  2. අනෙක් කෙළවර Remote Unit එකට සම්බන්ධ කරන්න.
  3. Tester එක ON කරන්න.

නිවැරදි ප්‍රතිඵලය

LED අනුපිළිවෙළ:

1 → 2 → 3 → 4 → 5 → 6 → 7 → 8

දෝෂ හඳුනාගැනීම

දෝෂයහේතුව
LED එකක් නොදැල්වීම            වයර් කැඩී ඇත
වැරදි අනුපිළිවෙළ            වර්ණ අනුපිළිවෙළ වැරදියි
Pin එකක් නොපෙනීම            Crimp කිරීම දුර්වලයි
LEDs කිහිපයක් එකවර දැල්වීම            Short Circuit

අවසාන පරීක්ෂණ ලැයිස්තුව

අයිතමය            
කේබල් දිග නිවැරදියි            
වයර් හානි වී නොමැත            
T568B අනුපිළිවෙළ නිවැරදියි            
වයර් සමාන දිගින් ඇත            
RJ45 තුළ සම්පූර්ණයෙන් ඇතුල් කර ඇත            
පිටත ආවරණය RJ45 තුළ ඇත            
Crimp කිරීම නිවැරදියි            
Cable Tester පරීක්ෂාව සමත්            

සාමාන්‍ය වැරදි

❌ වර්ණ අනුපිළිවෙළ වැරදීම.

❌ වයර් අධික ලෙස ලිහා ගැනීම.

❌ වයර් අසමාන දිගින් කැපීම.

❌ කේබල් ආවරණය RJ45 තුළට නොයැවීම.

❌ සම්පූර්ණයෙන් Crimp නොකිරීම.

❌ පරීක්ෂා නොකර භාවිතයට ගැනීම.

Post a Comment